SexEducation
ලිංගික සංසර්ගයේ දී ඇති වන වේදනාව මගහරවා ගත හැකි වෙළදපොළේ ඇති ආලේපන වර්ග
මෙහිදී, යෝනි මාර්ගය අවට පේශීන් තද වීම නිසා ලිංගික සංසර්ගයේදී ස්ත්‍රීයට තද වේදනාවක් ඇති වේ. යෝනි මාර්ගය තුළට ඇගිල්ලක් පවා ඇතුල් කල නොහැකි තත්වයක් හටගනී. මෙය එම යුවලටම ඉතා අසහනකාරී අත්දැකීමකි.
විවිධ මානසික හේතු, ලිංගික ක්‍රියාවලියට ඇති බය, බැදීම් පිළිබද ගැටළු, ගැබ්ගනී යන බිය හෝ යෝනි මාර්ගයේ ආසාදන මීට හේතු විය හැක.
මෙම ගැටළුව උපදේශනය, ලිංගිකත්වය පිළිබද දැනුවත් කිරීම සහ මස් පිඩු ඉහිල් කිරීමේ ව්‍යායාම තුළින් විසදිය හැක. සමහර විට විවිධ ඖෂධ යොදා ගැනීම තුළ බිය / චකිතය නැති කිරීම සිදු වේ.
ලිංගික සංසර්ගයේදී ඇති වන වේදනාව, ආර්ථවහරණයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය අඩු වීම නිසා මතු විය හැක. මෙහිදී, යෝනි මාර්ගය අධික වියළි බවක් ගනී. මෙවන් අවස්ථා වල යොදාගත හැකි ලිහිසි ජෙලි වර්ග වෙළදපොළේ ඇත. එවන් දෑ යෝනි මාර්ගයේ ආලේප කිරීම තුළින් මෙම අපහසුව මග හරවා ගත හැක.
wishmaya.com